ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අද

ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අද

ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අද

කර්තෘ Staff Writer .

26 Jan, 2022 | 10:22 am

COLOMBO (News 1st) –  ඉන්දියාවේ 73 වැනි ජනරජ දිනය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාව 1947 අගෝස්තු 15 වැනිදා නිදහස ලබා ගත්තේ ය.

ඊට වසර තුනකට පසු 1950 වසරේ ජනවාරී 26 වැනිදා සිට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වීම සිදු කෙරිණ.

ඉන් අනතුරුව ගෙවුණු සෑම වසරකදීම ඉන්දියානුවන් ජනරජ දිනය සැමරීම සිදු කළ අතර 73 වැනි ජනරජ දිනය යෙදුණු අද දිනයේදීත් ඉන්දියාව පුරා සැමරුම් සංවිධානය කර තිබේ.

එහි ප්‍රධාන සැමරුම් පෙළපාළිය ඉන්දියාවේ රාජ්පාත් හීදී පැවැත්වෙනු ඇති.

මෙවර ජනරජ සැමරුම් උත්සවය සඳහා වන පෙළපාළිය, සුවිශේෂි විශේෂාංග රැසකින් සමන්විත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඒම සුවිශේෂි අංගවලින් ඉන්දියාවේ යුද ශක්තිය, සංස්කෘතික විවිධත්වය සහ විවිධ අද්විතීය මුලපිරීම් විදහා දැක්වෙනු ඇතැයි සඳහන් ය.

ඉන්දීය බලධාරීන් පවසන්නේ, මෙවර ජනරජ දින සැමරුම් උත්සවය ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වෙනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]