ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

කර්තෘ Staff Writer .

26 Jan, 2022 | 8:39 am

COLOMBO (News 1st) –  පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

ඒ පකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එහිදි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බවයි.

බෞද්ධාගමික ජනතාව පකිස්ථානයේ සංචාරය කිරිමේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බව ද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පැවසූ බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මෙහිදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගනුදෙනු තර කර ගැනීම සඳහා තමන් ඇතුළු ව්‍යපාරික ප්‍රජාවට ලබාදුන් පිළිගැනීම පිළිබඳ ස්තූතිවන්ත වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]