English
தமிழ்
කර්තෘ Staff writer
25 Jan, 2022 | 5:52 pm
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, හෙරොයින් ක්‍රිලෝගෑම් 343 යි ගෑම් 456ක් බහුදින යාත්‍රාවේ තිබී සොයා ගත් බවයි.
එම හෙරොයින් තොගය සහ බහුදින යාත්‍රා 02 හි සිටි සැකකරුවන් 11 දෙනාද අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන්නේ ය.
නාවික හමුදාව සඳහන් කළේ, ඊට අමතරව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
එක් බහුදින යාත්‍රාවක් සැකකරුවන් 06 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් අතර එම යාත්‍රාවේ තිබූ හෙරෝයින් තොගය මුහුදේදී ලබාගැනීමට පැමිණි බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ ය.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3300 කට අධික ය.
27 May, 2022 | 05:45 PM
27 May, 2022 | 04:55 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS