දේවස්ථානයේ අත්බෝම්බය: CCDයට නියෝගයක්..

දේවස්ථානයේ අත්බෝම්බය: කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණයෙන් නියෝග..

by Staff writer 25-01-2022 | 4:00 PM

COLOMBO (News 1st) –  බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද නියෝග කළා ය.

සිද්ධිය සම්බන්ධව යම් ආකාරයක විමර්ශනයක් සිදු වන බවට තමන්ට පෙනී යන බව පවසා සිටි විනිසුරුතුමිය කඩිනම්න් විමර්ශන සිදු කර එහි ප්‍රගතිය ලබන මස දෙවැනිදා අධිකරණයට දන්වන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර සිටියා ය.