English
தமிழ்
කර්තෘ Staff writer
25 Jan, 2022 | 6:10 pm
එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් කටයුතු කරන බවයි.
කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇති බවයි.
නැවතත් කොවිඩ් රැල්ලක් ඇතිවෙයිද?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
මේ ඔමික්‍රෝන් රැල්ල ලෝකය පුරා බොහෝ රටවල් මේ වනවිට අත් දැකලා ඉවරයි. ලංකාවේ බරපතල ලෙස මේක තවම අපි දුටුවේ නැතිකම පමණයි තියෙන්නේ. අපි නැවතත් මතක් කරන්න ඕනා මීට කලින් ආපු වෛරස් ප්රභේදවලත් රැල්ල ලංකාවේ මතු වුණේ අනිත් රටවල ඇතිවෙලා යම් කාලයකට පස්සේ . ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩියි අපේ රටේ රැල්ලක් එන්නේ නෑ කියන වචනේ. අද වෙන කොට බොහෝ වෙලාවට අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මොහොතේ අපේ රෝගීන්ගෙන් බහුතරය අඩුම ගානේ 50 % ඉක්මවලා හෝ මේ කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය වන්නට ඉඩ තියනවා. නමුත් වැදගත් වන්නේ ඒ ආසන්නම ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ඉන්න බවත් මතක තබා ගත යුතුයි..
ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනා ගැනීම මන්දගාමී ඇයි?
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
දවසකට 8000 ඉක්මවලා PCR පරීක්ෂණ කරනවා. එතකොට මේ 8000 ම අපිට ජාන විශ්ලේෂණය සඳහා යොමු කරන්න බෑ. ඒ වගේම තමා පොසිටිව් වන රෝගීන් සංඛ්‍යාව දැන් අටසිය ගාණක් වනවා. මේ 800 පමණක්වත් ජාන විශ්ලේෂණයට යොමු කරන්න බෑ. අපි කරන්නේ ඒ රෝගීන්ගෙන් නියැදියක් පමණක් අරගන ජාන විශ්ලේෂණයට විටින් විට ලක් කිරීමෙන් අපි බලනවා ඉන්න රෝගීන්ගෙන් කොයි තරම් ප්‍රතිශතයක් ඔමික්‍රොන් රෝගීන්ද කොයි තරම් ප්‍රතිශතයක් ඩෙල්ටා රෝගීන් ද කියලා.
කොවිඩ් ආසාදිතයින් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල තත්ත්වය කුමක්ද?
මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් 5758 ක් හා දැඩි සත්කාර ඒකකවල ඇදන් 62 ක් භාවිතයට ගැනෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
23 May, 2022 | 12:26 PM
23 May, 2022 | 09:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS