සැකකරුවන් 2 ක් සොයන්න මහජන සහය පතයි

සැකකරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

by Staff writer 24-01-2022 | 10:14 PM

COLOMBO (News 1st) –  මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසීය මහජන සහය පතයි.

පොලීසීය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය දිනක හෙරොයින් කිලෝග්‍රෑම්290කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා‌ ලද බවට සැක මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි. සැකකරුවන් දෙදෙනාගේ විස්තර පහත පරිදි වේ.