ලං.වී.ම.ට තෙල් සපයලා ඉවරයි - උදය ගම්මන්පිල

පොරොන්දු වූ පරිදි ලං.වී.ම.ට තෙල් සපයලා ඉවරයි - ගම්මන්පිල

by Staff Writer . 24-01-2022 | 10:22 AM

COLOMBO (News 1st) – ලබන 9 වැනිදා තෙක් විදුලි බල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව  විදුලි බල මණ්ඩලය දැනුම්වත් කර ඇති බවත්බ ලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පදිරි 22 වනදා දක්වා දැවි තෙල් සැපයීම සිදු කළ බවත් ඊට අමතරව ඩීසල් ටොන් දසදහසක් ද ලබා දුන් බවයි. මේ අතර ගිවිසුම්ප්‍රකාරව  සෑම දිනකම මෙට්‍රික් ටොන් 600 බැගින් පෞද්ගලික විදුල බලගාරයට ඩීසල් සැපයීම සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, මේ මොහොතේ තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි. විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමෙන් පසු ආනයනය කළ දැවිතෙල් මෙරටට ළඟා වන්නේ ලබන පෙබරවාරි 9 වනදා බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
''දැවි තෙල් ඔවුන් ඉල්ලීම කළාට පසුව තමයි දැවි තෙල් සඳහා ටෙන්ඩරයක් දියත් කර දැවි තෙල් ආනයනයට පුළුවන් වුණේ, පෙබරවාරි 9 එන්නෙ එතෙක් දැවි තෙල් සැපයීමේ හැකියාවක් නැහැ. ඒ බව විදුලිබල මණ්ඩලයට දැනුම්වත් කළා''
ඉතිරි දැවිතෙල් ප්‍රමාණයත් විදුලිබල මණ්ඩලයට ලබා දුන හොත් පුද්ගලයින් දහස් ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක් මතුවන බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ, ඒ අනුව කර්මානතශාලා සඳහා වෙන් කර ඇති දැවි තෙල් විදුලිබල මණ්ඩලයට ලබා දීමේ හැකියාවක් නොමැති බවයි. මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ දැනට විදුලි බල මණ්ඩලයට දැනට ලැබි ඇති ඉන්ධන තොග නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ඇති බැවින් හෙට සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරූ සංගමය පැවසුවේ පවත්නා තත්ත්වය යටතේ අද සිට දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි අදියර 4 කින් විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවයි. මේ අතර සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට හා සාමාන්‍යාධිකාරිවරයාගේ පත්කිරීමට එරෙහිව ආරම්භ කල අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද අඛණ්ඩව ක්‍රියාත්මක බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ ය.