වැලිගම මුහුදේ ගිලී දැරියන් දෙදෙනෙක් අතුරුදන්

වැලිගම මුහුදේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්..

by Staff writer 23-01-2022 | 4:20 PM

COLOMBO (News 1st) –  වැලිගම මුහුදු තීරයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලීසීය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , 12 හැවිරිදි සහ 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මෙලෙස අතුරුදන් වී ඇති බවයි අතුරුදන්වූ දැරියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.