වල්සපුගලදී පුද්ගල ඝාතනයක්

වල්සපුගලදී පුද්ගල ඝාතනයක්

by Staff writer 23-01-2022 | 9:50 AM

COLOMBO (News 1st) - සූරියවැව, වල්සපුගලදී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ , නිවස තුළ ඔහු රූපවාහිනිය නරඹමින් සිටියදී හිසට සහ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි මුවන්පැලැස්ස ප්‍රදේශයේ, පදිංචිකරුවෙකි. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.