රැඳවියෙකු මියයාම: ජේලර්වරුන් 3කගේ වැඩ තහනම්..

රැඳවියෙකු මියයාම: ජේලර්වරුන් 3කගේ වැඩ තහනම්..

by Staff writer 23-01-2022 | 4:23 PM

COLOMBO (News 1st) –  කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය එලෙස අත්හිටවූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය.