ජර්මානු නාවික හමුදාපතිගෙන් අමුතු ප්‍රකාශයක්..

රටක සම්පත්වල අයිතිය තමන් සතුකර ගන්නා තෙක්, චීනය ඒකාධිපතියන්ට සහ මිනීමරුවන්ට මුදල් දෙනවා - ජර්මානු නාවික හමුදාපති

by Staff writer 23-01-2022 | 9:06 PM

COLOMBO (News 1st) –  රටක සම්පත්වල අයිතිවාසිකම තමන් සතු කර ගන්නා තෙක් චීනය ඒකාධිපතියන්ට සහ මිනීමරුවන්ට මුදල් ලබා දෙන බවට ජර්මානු නාවික හමුදා ප්‍රධානි වයිස් අද්මිරාල් කේ-අචිම් ෂොන්බැක් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ඉන්දියානු සංචාරය අතරතුර ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමින් ය. මෙම සමුළුව අතරතුර යුක්‍රේනය සම්බන්ධයෙන් ද ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, "රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වීම විකාර රූපී අදහසක්'' බවය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ගෞරවය පමණක් අවශ්‍ය වී ඇති බවත්, ඔහුට එම ගෞරවය ලැබීම පහසු කටයුත්තක් බවත් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා පවසා තිබේ. ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, චීනයට එරෙහිව රුසියාවේ නැඟී සිටීම රටවල් රැසක අපේක්ෂාව වී බවය. නාවික හමුදා ප්‍රධානියාගේ මෙම දැඩි ප්‍රකාශයන් ජර්මනිය තුළ දැඩි මතභේදයට තුඩු දුන් කාරණා බවට පත්විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රකාශ හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානි වයිස් අද්මිරාල් කේ-අචිම් ෂොන්බැක්ට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුව ඇති බවයි.