මල් කඩන්න වැවට ගිය දරුවෙක් දියේ ගිලී මරුට

මල් කඩන්න වැවට ගිය 14 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මිය යයි

by Staff writer 23-01-2022 | 12:11 PM

COLOMBO (News 1st) - මාදම්පේ, තිනිපිටිය වැවේ මල් කැඩීමට ගිය ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ, මල් කැඩීමට ගිය ළමුන් තුන්දෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව ය. මියගොස් ඇත්තේ 14 හැවිරිදි පුක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.