මත්ද්‍රව්‍ය ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 27 ක් කොටු.

මත්ද්‍රව්‍ය ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය තරුණයන් 27 ක් කොටු..

by Staff writer 23-01-2022 | 2:42 PM

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණි තරුණයන් 27 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ , මොවුන් සන්තකයේ තිබී ගංජා, මත්පෙති සොයාගත් බවයි. නල්ලතන්නිය සහ හැටන් පොලිසිය එක්ව මෙම පුද්ගලයින් අත්අංඩගුවට ගෙන තිබේ. ඔවුන් 18 -30 වයස්වන පසුවන පුද්ගලයින් ය. සැකකරුවන්ගෙන් 25 දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැර ති‌බේ.