ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න - ජල සම්පාදන මණ්ඩලය

by Staff writer 23-01-2022 | 3:34 PM

COLOMBO (News 1st) –  පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුව ඇති බවයි. අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන්නැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටී.