ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 845ක්..

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 845ක්..

by Chathurika Jayasundara 23-01-2022 | 8:39 AM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු ඊයේ (22) හඳුනා ගැනිණි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 601,048 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොරෝනා මරණ 12 ක් ඊයේ (22) වාර්තා විය. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 284 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනවාරි 21 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බව ය. ඒ අතර පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු වේ. මියගිය පිරිසෙන් 11 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.