රත්‍රං තොගයක් සමග කාන්තාවක් අල්ලයි

කෝටියකට ආසන්න රත්‍රං තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

by Staff writer 23-01-2022 | 8:46 AM

COLOMBO (News 1st) - නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (22) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ය.

ග්‍රෑම් 799 ක් බරැති එම රත්‍රං භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් අනූ එක් ලක්ෂ එක් දහස් හයසිය හතලිස් හයකි. අත්අඩංගුවට පත් වූයේ 30 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම කාන්තාව පැමිණ ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට ය. රත්‍රං තොගය සඳහා රුපියල් විසි හත් ලක්ෂ හැට හත් දහස් එකසිය පනස් දෙකක බදු මුදලක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසද රේගු දෙපාර්තමේන්තුව එම කාන්තාවට නියම කර තිබේ.