අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

by Staff writer 23-01-2022 | 2:31 PM

COLOMBO (News 1st) - වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහය වීමට රජය අපේක්ෂා කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළැඹි බවයි. වාරි පහසුකම් අවම සහ යල කන්නයේ වී වගා කළ නොහැකි වගාබිම් සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මුල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.