English
தமிழ்
කර්තෘ Staff writer
23 Jan, 2022 | 9:54 pm
”වලවේ කොටා” යන සුරතල් නාමයෙන් හැඳින්වූ මෙම කුරු අලියා පිළිබඳව පසුගිය වසරේ සිට මේ දක්වා කිසිදු තොරතුරුක් වාර්තා නොවීම ඊට හේතුවයි
උඩවලව ජාතික වනෝද්‍යානය සිය වාස භවන කරගත් මෙම කුරු අලියා මුලින්ම සොයා ගැනෙන්නේ 2013 වර්ෂයේදී ය.
ජාන විකෘතියත් නිසා පාද උසින් අඩු උවත් එම සත්වයා හොදින් වැඩී සිටියේ ය.
ශ්‍රී ලංකාවේ එකම කුරු අලියා ලෙස වලවේ කොටා හැඳින්වුවත් එය අර්ධ සත්‍යයක් බවට පත්වුණේ 2018 වසරේදී ය.
එම වසරේදී කුරු කෙනෙරක්ද නිරීක්ෂණ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
මේ දෙදෙනාම එකම මාර්ගයක සිය සංචරණය සිදු කළ බව පර්යේෂකයින්ගේ මතය වන අතර එම සත්වයින් දෙදෙනා ගැනම මේ වනවිට මතුව ඇත්තේ අවිනිෂ්චිත තත්ත්වයකි.
වලවේ කොටා මාර්තු සිට ජූලි දක්වා උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරකයින් ගැවසෙන සීමාවේ දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයයි.
අනතුරුව ජූලි මාසයෙන් පසු වැටහිරකන්ද අලිමංකඩ හරහා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට පිවිස හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීගහජදුර , මත්තල දෙසට ගමන් කරන බවට හඳුනාගෙන තිබුණි.
වන අලි පිළිබඳ පර්යේෂක සමීර වීරතුංග මහතා
2020 අවසානයත් එක්ක මේ වනතුරු 2022 දක්වා කාලය තුළ මේ අලියා දැකලා තිබුණේ නැහැ . එතකොට අපට ප්‍රශ්නයක් තියනවා . මෙයාගේ සංචරණ රටාවට මොනවා හරි ප්‍රශ්නයක් වුණාද? විශේෂයෙන් එහෙම ප්‍රශ්නයක් වෙන හේතු ගොඩක් පටන් අරං තියනවා. තුවාල කැළැල් වගේ තියනවා එයාගේ කකුල්වල වෙඩි වැදිලා වගේ.
උඩවලව ජාතික වනෝද්‍යානය භාරකරු ආර්.ජී.ආර්.එස්.රණතුංග මහතා
ගොඩක් වෙලාවට වෙන්නේ මේ වන අලි සංක්‍රමණික සත්තු . අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේදිත් මේ සතා අපට දැකගන්න පුළුවන් වෙයි කියලා සාමාන්‍ය සත්තු වගේ අපි දකින සතෙකුත් නෙවෙයි වාර්තා වීමකුත් නෑ. ඒ සතා සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියනවා කියලා මේ වෙනකම් වාර්තා වෙලා නැහැ.
එසේ නම් මෙය මේ සුවිශේෂි සත්ත්වයාගේ සංක්‍රමණ රටාවේ වෙනස්වීමක් පමණක්ද ?
ප්රශ්කය ඒ තරම් සරලව අවසන් කළ නොහැකීවීමට ප්‍රබල හේතුවක් තිබේ.
වසරකට වැඩිකාලයක් මෙම ලොව ප්‍රකට කුරු අලියා ඇස නොගැටීම පිළිබඳ වඩාත් අවදානයක් යොමු කළ යුතුව ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තාවූ සැක සහිත සිදුවීම් නිසයි
පසුගිය නොවැම්බර් මස 10 වෙනිදා මෙම ජාතික වනෝද්‍යානය තුළ අලි පැටවෙකු බැද දමා සිටියදී සොයා ගැනුණි .
එම අලි පැටවා ගලවා ගැනීමට හැකිවුවත් එම අලි පැටවා බැද සිටි ස්ථානයෙන් හමුවූ වන අලින්ගේ ගමන් මග පරීක්ෂා කෙරෙන ජීපීඑස් කොලරය තවත් අලි පැටවෙකුගේ දැයි සැකයක් මතු විය.
ඊට හේතුව බැද දමා සිටි අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණෙන් මුදා හැරි කළණ වූ අතර එම සත්වයාට එවැනි කොලරයක් යොදා නොතිබීමයි.
එම නිසා මේ සුවිශේෂි ජීවින් දෙදෙනා යළි උඩවලට එනතෙක් ලබන මාර්තු මාසය වනතුරු බලා නොසිට ඔවුන් පිළිබඳව සොයා බැලීම බලධාරින්ගේ වගකීමක් නොවන්නේද ?
18 May, 2022 | 04:58 PM
18 May, 2022 | 02:14 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS