
කෝටියකට ආසන්න රත්‍රං තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි
කෝටියකට ආසන්න රත්‍රං තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (22) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ය.
ග්‍රෑම් 799 ක් බරැති එම රත්‍රං භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් අනූ එක් ලක්ෂ එක් දහස් හයසිය හතලිස් හයකි.
අත්අඩංගුවට පත් වූයේ 30 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
එම කාන්තාව පැමිණ ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට ය.
රත්‍රං තොගය සඳහා රුපියල් විසි හත් ලක්ෂ හැට හත් දහස් එකසිය පනස් දෙකක බදු මුදලක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවන ලෙසද රේගු දෙපාර්තමේන්තුව එම කාන්තාවට නියම කර තිබේ.
- සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
- නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී
- ”මගේ පාලන කාලය තුළ වෙනත් අය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා”-හිටපු ජනපති මෛත්‍රී
- එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..
- පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට
- මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් තවමත් හඳුනාගෙන නැහැ.. – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ
- අසාධාරණ බදු අයකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
- රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද බලධාරීන් කැඳවයි
- අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක තද වැසි… – මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්