සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

by Staff Writer . 22-01-2022 | 10:03 AM

COLOMBO (NEWS1ST):  2021 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි වෙත පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමුකළ යුතු බවයි. එසේම විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිසීමෙන්ද අයදුම්පත්‍ර යොමුකළ හැකි ය. උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන්, අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත ගොස් දැනටමත් ලබාදී ඇති යූසර්නේම් හා පාස්වර්ඩ් භාවිතයෙන් අයදුම්පත්‍ර යොමුකළ යුතුයි. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතුවේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ අනතුරුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීම සඳහා තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු බවයි.