ශිෂ්‍යත්ව විභාගය අද (22)යි

ශිෂ්‍යත්ව විභාගය අද (22)යි

by Staff Writer . 22-01-2022 | 9:07 AM

COLOMBO (NEWS1ST):  2021- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ සිසු සිසුවියන් 340,508 විභාගයට පෙනී සිටීමට නියමිත බවයි. මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්වෙනු ඇති. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ කොරෝනා රෝගීන් සඳහා විභාග මධ්‍යස්ථාන 108 ක් සූදානම් කර ඇති බවයි. විභාගය පෙරවරු 9.30 ට ආරම්භ වන අතර 9 ට පෙර සියලු සිසු සිසුවියන් විභාග ශාලාව වෙත පැමිණි අසුන්ගත යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.