වීදුරු කටුවකින් ඇන තරුණයෙක් ඝාතනය කෙරේ

වීදුරු කටුවකින් ඇන තරුණයෙක් ඝාතනය කෙරේ

by Staff Writer . 22-01-2022 | 9:59 PM

COLOMBO (NEWS1ST): කඩවත ප්‍රදේශයේ දී අද අලුයම තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා තරුණියක් සමග කුලී කාමරයක් තුළ සිටියදී තවත් තරුණයෙකු පැමිණ වීදුරු කටුවකින් ඇන එම තරුණයා ඝාතනය කර ඇති බවයි. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.. විදුරු කටුවෙන් ඇනීමෙන් බරපතළ තත්ත්වයේ පසු වු තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි කඩවත ගෝනහේන පදිංචිකරුවෙකි. ඝාතනයට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.