රු. මි. 24 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රු. මි. 24 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff Writer . 22-01-2022 | 2:04 PM

COLOMBO (NEWS1ST):  රුපියල් මිලියන 24 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, පොලීසිය සමග එක්ව යාපනය, චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 80 යි ග්‍රෑම් 500 ක පමණ බරකින් යුත් අදාළ කේරළ ගංජා තොගය සැකකරු අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චුලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා චුලිපුරම් පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.