රිජ්වේ ආර්යා රෝහලේ කොරෝනා රෝගී දරුවන් 40 ක්..

රිජ්වේ ආර්යා රෝහලේ කොරෝනා රෝගී දරුවන් 40 ක්..

by Staff Writer . 22-01-2022 | 8:43 PM

COLOMBO (NEWS1ST): රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුණු රෝගී දරුවන් 40 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ ය.

රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවයි.
''ඒ අතරින් අපි රෝගීන් පරීක්ෂා කරලා බලලා විශේෂඥ වෛවද්‍යවරුන්ගේ උපදෙස් අනුව නිවෙස්ගත ප්‍රතිකාරවලට යොමුකිරීමට හැකි රෝගීන් අපි ඒ නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරනවා''
මේ වනවිට කොවිඩ් ආසාදිත එක් දරුවෙකු පමණක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.