යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක්.

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක්... 70 ක් මරුට

by Staff Writer . 22-01-2022 | 9:33 AM

COLOMBO (NEWS1ST):  සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයින් පිරිසක් හා ළමුන් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසන්නේ ගැටුම් උත්සන්න වීම වහාම නැවැත්විය යුතු බවයි. ඔහු සියලු පාර්ශව වෙත සිහි කැඳවමින් ඔහු කියා සිටියේ සිවිල් වැසියන්ට හා දේපළවලට හානි කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය, ජාත්‍යන්තර මානව හිමිකම් දැඩි සේ උල්ලංඝණය කිරීමක් බවයි. ප්‍රහාරය හමුවේ යේමනයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා ද බිඳවැටී ඇතැයි, වාර්තා වේ.