මහමග අනතුරුවලින් පුද්ගලයින් 5ක් මරුට

මහමග අනතුරුවලින් පුද්ගලයින් 5ක් මරුට

by Staff Writer . 22-01-2022 | 11:25 AM

COLOMBO (NEWS1ST): ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, නොච්චියාගම, දෙහිඅත්තකණ්ඩිය, අහංගම, මහරගම, තිරන්පනේ යන ප්‍රදේශවල යන ප්‍රදේශවල අදාල අනතුරු සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයින් අතර මහරගම පොලීසියට අනුයුක්තව සේවය කළ, කදුරුවෙල පදිංචි පොලිස් කොස්තාපල්වරයකු ද වේ. රියැදුරන්ගේ අපරික්ෂාකාරි හා නොසැලකිලිමත් රිය ධාවනය අනතුරුවලට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.