මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනි තැබීම් ඉහළට..

මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනි තැබීම් ඉහළට..

by Staff writer 22-01-2022 | 5:14 PM

COLOMBO (NEWS1ST): පවතින වියළි කාලගුණයත් සමග මධ්‍ය කඳුකරයේ කැළෑ ගිනිතැබීම් ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේ , මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වී ඇති බවයි. කැළෑ ගිනි තැබීම් වාර්තා වන්නේ නම් ඒ පිළිබඳව ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී .