ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

කොදෙව්වන් පැරදවූ ශ්‍රී ලංකාව 19න් පහළ ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

by Staff Writer . 22-01-2022 | 9:24 AM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් 19 න් පහළ කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3 කින් ජය ගැනීමත් සමගයි. ශාන්ත කිට්ස්හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 250 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2 කදී කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ රාජපක්ෂ ලකුණු 76ක් ලබා ගත්තේය.