ඉන්දියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

ඉන්දියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 7ක් මරුට

by Staff Writer . 22-01-2022 | 3:03 PM

COLOMBO (NEWS1ST): ඉන්දියාවේ මුම්බායි මහල් 20 කින් සමන්විත නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ගින්නෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මුම්බායි නුවර ඝාන්ධි රෝහල ඉදිරිපිට පිහිටි අදාළ මහල් නිවාස සංකීර්ණයේ 18 වැනි මහලේ ගින්න හටගෙන තිබේ. මුම්බායි නගරාධිපතිවරයා පැවසුවේ, ගින්න පාලනය කළ ද දැඩි දුමාරයක් පිටවෙමින් ඇති බවයි. මහල් නිවාස සංකීර්ණයේ සිටි සියලු පුද්ගලයින් ආරක්ෂිතව මුදාගෙන ඇති අතර බරපතළ තත්වයේ පසු වූ වැඩිහිටි පුද්ගලයින් 6 දෙනෙකු ඔක්සිජන් ලබාදීම සඳහා රෝහල්ගතකර ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කළේ ය.