විභාග සහතිකපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය තාවකාලිකව අත්හිටුවයි

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය තාවකාලිකව අත්හිටුවයි

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff Writer .

22 Jan, 2022 | 3:20 pm

COLOMBO (NEWS1ST):  විභාග සහතිකපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව අනිද්දා සිට නැවත දැනුම් දෙන තුරු විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව අත්හිටුවන බවයි.

සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත සහ විද්‍යුත් තැපැල් ක්‍රමයන්ට පමණක් සිදුකිරීමට පහසුකම් සලසා ඇති අතර සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුවන්ගේ ලිපිනය වෙත යොමුකරනු ඇති බවයි.

වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි යි

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ Exams Sri Lanka නිල ජංගම දුරකතන යෙදවුම මගින් ද සහතික පත්‍ර අයදුම් කළ හැකි බවයි.

මේ අතර 2021 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙත පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමුකළ යුතු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]