ශ්‍රී ලංකාවට ලකුණු 184ක දැවැන්ත ජයක්

සිම්බාබ්වේට‌ එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Chathuranga Rajapaksha 21-01-2022 | 8:56 PM

COLOMBO (News 1st) –  සිම්බාබ්වේ පිලට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, අද පැවති තුන්වන එක්දින තරගය ලකුණු 184කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 254ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 4ක් අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70ක් පමණි.