කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

by Staff Writer . 21-01-2022 | 7:55 AM

COLOMBO (News 1st) –  කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා ප්‍රකාශ කළේ , එම ඩීසල් පොම්ප කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි. මේ හේතුවෙන් ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පැවසී ය. අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 500 ක් ලබා දීමට ද ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත් බවයි. ඒ හේතුවෙන් කප්පාදුවකින් තොරව අද දිනයේ විදුලිය ලබාදීමට හැකි බව ද ඇන්ඩෲ නවමනි මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන්නැයි බල කරමින් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රියා කළ යුතු බවයි.