කලා උපාධි සිසුන්ට තොරතුරු තාක්ෂණය දැනුම

කලා උපාධි හදාරන සිසුන්ට පරිගණක හා තොරතුරු තාක්ෂණය දැනුම දෙන වැඩපිළිවෙළක්

by Staff Writer . 21-01-2022 | 9:10 AM

COLOMBO (News 1st) –  විශ්වවිද්‍යාලවල කලා උපාධි හදාරන සිසුන්ට පරිගණක හා තොරතුරු තාක්ෂණය දැනුම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව විශ්ව විද්‍යාල ශ්‍රාස්ත්‍ර පීඨ හා සමාජීයීය විද්‍යා පීඨවල නවීන පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවනු ඇති. ඇතැම් පීඨවල පරිගණක හා තොරතුරු තාක්ෂණය ලබාදීම සඳහා වෙනම අධ්‍යයන අංශ පිහිටුවීමට ද පියවර ගෙන තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ය. කලා උපාධිය හදාරණ බොහෝ උපාධිධාරීන් රැකියා විරහිතව පසුවීම සැලකිල්ලට ගෙන ඔවුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසී ය. එහිජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, රැකියා වෙළඳපොළට සරිලන කලා උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ හැකියාව ලැබෙන බවයි.