ඖෂධ ආනයනයට ණයවර ලිපි විවෘත කිරීමට ඩො.මි. 16.3ක්

ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනයට ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මිලියන 16.3ක්

by Staff writer 21-01-2022 | 8:45 PM

COLOMBO (News 1st) –  ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 16.3 ක් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පවසන්නේ, ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවත් ය.