English
தமிழ்
කර්තෘ Staff writer
21 Jan, 2022 | 6:25 pm
පෙත්සම ඉදිරිපත් කළේ , නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ය.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතා හා එහි සාමාජිකයන් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම හා එහි සභාපති නිශ්ශංක සේනාධිපති, නීතිපතිවරයා ඇතුළු 08 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධව සාක්ෂිදීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමෙන් ලද පැමිණිල්ලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ තමා රීට් පෙත්සමක් ගොනු කළ බව පවසා සිටි ශානි අබේසේකර මහතා එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් තමාට එරෙහිව කටයුතු නොකරන බවට කොමිසමේ කොමසාරිස්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සහතිකයක් දී තිබූ බවයි.
එසේ තිබියදී කොමිසමේ නිර්දේශ හා සොයාබැලීම් ඇතුළත් වාර්තාව 2020 නොවැම්බර් 24 ඉදිරිපත් කළ බවත් එහි තමන්ට එරෙහිව නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ල අනුව සිදු කළ නිර්දේශ කිහිපයක් ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.
අධිකරණය හමුවේ එසේ සහතිකයක් ලබාදී තිබියදී නිර්දේශයක් සිදු කිරීමෙන් වගඋත්තරකරුවන් අභියාචනාධිකරණ නියෝග පැහැර හැර ඇති බව පෙන්වා දෙන ශානි අබේසේකර මහතා ඉල්ලා සිටින්නේ, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර අදාළ නිර්දේශ බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසය.
19 May, 2022 | 08:15 PM
19 May, 2022 | 04:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS