පුද්ගල ඝාතන 2ක්..

සැමියා සහ අනියම් සැමියා විසින් සිදුකළ පුද්ගල ඝාතන 2ක්..

by Staff writer 20-01-2022 | 10:05 AM

COLOMBO (News 1st) – කුරුණෑගල, වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී නිවසක කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ, ඇයගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනදෙණිය , අංහන්දිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි. පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදු කළ 41 හැවිරිදි පුද්ගලයා ද ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි. මේ අතර, මස්කෙළිය , ගඟේ වත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි මස්කෙලිය , බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇත්තේ , ඇගේ සැමියා විසින් ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අද (20)හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.