විදේශ මුදල් ජාවාරමක් වටලයි..

රුපියල් මිලියන 42කට ආසන්න විදෙස් මුදල් සමග 5දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-01-2022 | 11:01 AM

  COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන් තිදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි ⁣දෙදෙනා පිරිමි පුද්ගලයින් වේ. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මොවුන් ඊයේ(19) ඩුබායි බලා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඒ මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725 , සවුදි රියාල් 292,000 හා ඩිරාම් 75000 විය. මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි.