රජයේ සේවක විශ්‍රාම වයස: ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

රජයේ සේවක විශ්‍රාම වයස අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් නිකුත් කෙරේ..

by Staff writer 20-01-2022 | 12:43 PM

COLOMBO (News 1st) – රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබේ.

මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ ය. ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.