ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නංවයි..

by Staff writer 20-01-2022 | 8:53 AM

COLOMBO (News 1st) – ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දමා ඇත්තේ පදනම් අංක 50 කින් ය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5.5 ක්% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6.5 ක් දක්වා ඉහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය සමග ස්වයංක්‍රීයව ගැලපීමේදී බැංකු පොලී අනුපාතය 9.5 ක්% වනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇති.