නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීනයෙන් දිවයිනට..

නොරොච්චෝලයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට...

by Staff writer 20-01-2022 | 6:50 AM

COLOMBO (News 1st) –  නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි. අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි. කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.