අද විදුලිය කැපීමක් නැහැ.. - ලංවිම

ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් කැලණිතිස්ස බලාගාරයට: අද විදුලිය කැපීමක් නැහැ - ලංවිම

by Staff writer 20-01-2022 | 9:02 AM

COLOMBO (News 1st) –  ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් අද(20) අලුයම කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ලැබුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඒ අනුව එක් බලාගාරයක ජනන යන්ත්‍ර යළි පණ ගැන්වූ බවයි. ඉන් ජාතික පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගාවෝට් 115 කි. අනිත් බලාගාරය ද අද දහවල් පණ ගැන්වීමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇන්ඩෲ නවමනි මහතා පැවසුවේ ය.