ඉන්ධන ලැබුණොත් අද විදුලි කප්පාදුවක් නෑ

ඉන්ධන ලැබුණොත් අද විදුලි කප්පාදුවක් නෑ - විදුලිබල අමාත්‍යාංශය -

by Staff writer 20-01-2022 | 6:15 AM

COLOMBO (News 1st) – බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ , 25 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ සමස්ත ධාරීතාව ජාතික පද්ධතියට එක් කළ හැකි බවය. ඉන් අනතුරුව පවතින අර්බුදකාරි තත්ත්වය පහව යනු ඇති බව ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය. ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ. මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය. කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි.