අද හා හෙට ඩෙංගු මර්දන වැඩසටහනක්..

අද හා හෙට ඩෙංගු මර්දන වැඩසටහනක්..

by Staff writer 20-01-2022 | 6:47 AM

COLOMBO (News 1st) – අද(20) හා හෙට(21) දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ඒ , පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය හා ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධවයි. 'සුපිරිසිදු පරිසරයක් - නිරෝගීමත් හෙටක්' යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම ඩෙංගු මර්දන වැඩසටහන සෑම පළාත් පාලන ආයනත බල ප්‍රදේශයකම පිරිසිදු කිරීම් සිදු කෙරෙනු ඇති. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා ප්‍රකාශ කළේ , ජනවාරි මාසයේ මේ දක්වා කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,200කට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවයි. බස්නාහිර පළාතේ රෝගීන් හමුවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.