සැමියා සහ අනියම් සැමියා විසින් සිදුකළ පුද්ගල ඝාතන 2ක්..

සැමියා සහ අනියම් සැමියා විසින් සිදුකළ පුද්ගල ඝාතන 2ක්..

සැමියා සහ අනියම් සැමියා විසින් සිදුකළ පුද්ගල ඝාතන 2ක්..

කර්තෘ Staff writer

20 Jan, 2022 | 10:05 am

COLOMBO (News 1st) – කුරුණෑගල, වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී නිවසක කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ, ඇයගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනදෙණිය , අංහන්දිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදු කළ 41 හැවිරිදි පුද්ගලයා ද ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි.

මේ අතර, මස්කෙළිය , ගඟේ වත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි මස්කෙලිය , බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇත්තේ , ඇගේ සැමියා විසින් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අද (20)හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]