ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් කැලණිතිස්ස බලාගාරයට: අද විදුලිය කැපීමක් නැහැ – ලංවිම

ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් කැලණිතිස්ස බලාගාරයට: අද විදුලිය කැපීමක් නැහැ – ලංවිම

ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් කැලණිතිස්ස බලාගාරයට: අද විදුලිය කැපීමක් නැහැ – ලංවිම

කර්තෘ Staff writer

20 Jan, 2022 | 9:02 am

COLOMBO (News 1st) –  ඩීසල් මෙට්‍රික් ටොන් 1800 ක් අද(20) අලුයම කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ලැබුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඒ අනුව එක් බලාගාරයක ජනන යන්ත්‍ර යළි පණ ගැන්වූ බවයි.

ඉන් ජාතික පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගාවෝට් 115 කි.

අනිත් බලාගාරය ද අද දහවල් පණ ගැන්වීමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇන්ඩෲ නවමනි මහතා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]