by Staff Writer . 19-01-2022 | 4:21 PM
COLOMBO (News 1st) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, කොටුව දෙසට ගමන් කරන මංතීරුව සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි.