by Staff Writer . 19-01-2022 | 8:37 AM
COLOMBO (News 1st) – තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් අද දිනයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.
එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩල පාරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ඊයේ දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වූ බවයි.