දින 8 කට ප්‍රමණාවත් ඉන්ධන විදුලි බල මණ්ඩලයට

දින 8 කට ප්‍රමණාවත් ඉන්ධන විදුලි බල මණ්ඩලයට

by Staff Writer . 19-01-2022 | 3:07 PM

COLOMBO (News 1st) –  සති 8 කට ප්‍රමාණවත් තෙල් තොග විදුලි බල මණ්ඩලයට ලබාදීමට පියවර ගත් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මේ අතර තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් අද දිනයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩල පාරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ඊයේ දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකද නිරත වූ බවයි.   https://www.youtube.com/watch?v=FiEuxoR8CN0