තෙල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

තෙල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

by Staff Writer . 19-01-2022 | 8:22 AM

COLOMBO (News 1st) –  ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අද (19) උදෑසන අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළේ, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 150 ක් අහිමි වන බවයි. කෙසේ වෙතත් බලාගාරයට අවශ්‍ය තෙල් තොග ලැබීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.