චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක්

චීනයෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

by Staff Writer . 19-01-2022 | 8:47 AM

COLOMBO (News 1st) –  සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි. ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.